බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක මහතා ඉල්ලා අස්වී තිබේ

ඊට අදාල ලිපිය වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් වරයා වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තනතුරු කිහිපයක් ඉදිරි දිනවල වෙනස් කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.

ඒ හරහා බන්ධනාගාර අධිකාරී තනතුරුවලද වෙනස්වීම් ගණනාවක් සිදු කෙරෙයි.

මෙය සිදුකෙරෙන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීම සඳහා රජය ගෙන ඇති තීරණයක් මතයි.

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ තනතුරේ වැඩ බැලීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ අතිකාර අතිරේක ලේකම්වරයකුත් කර තිබේ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments