බලංගොඩ රා තැබෑරුම කෝටි තුනකට ටෙන්ඩර් වෙයි

බලංගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි අංක 01 රා තැබෑරුම 2026 වර්ෂය සදහා රුපියල් තුන් කෝටි හැත්ත හතර ලක්ෂ හැට හතර දහසකට ඊයේ (12) දින ටෙන්ඩර් වු බව බලංගොඩ වැඩ බලන ප්‍රාදේශීය ලේකම් ගයානි රේණුකා මහත්මිය පැවැසුවාය.

එය රජයේ තක්සේරු මුදලට වඩා රුපියල් ලක්ෂ එක සිය පනහකින් පමණ වැඩි වීමකි.

රා තැබෑරුම ලබා ගැනීම වෙනුවෙන් පුද්ගලයන් පස් දෙනෙකු ලංසු ඉදිරිපත් කර තිබුණු අතර වැඩිම ලංසුව ඉදිරිපත් කල පුද්ගලයාට 2026 වර්ෂය සදහා රා තැබෑරුම ලබා දීම සිදුවිය .

ඒ අනුව ටෙන්ඩර් කරු එක් දිනකට රජයට රුපියල් එක් ලක්ෂ දෙදෙහස් හයසිය හතලිස් එකක් ගෙවිය යුතු වේ.

(වයි.ඒ.එස්.වීරවංශ)

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments