බ්‍රිතාන්‍යයේදි වාර්තාගත මුදලකට වෙන්දේසි වු ටයිටැනික් මගියාගේ ලිපිය

බ්‍රිතාන්‍යයේදි වාර්තාගත මුදලකට ටයිටැනික් නෞකාවේ මගියෙකු විසින් එම නෞකාව ගිලීයාමට දින කිහිපයකට පෙර ලියන ලද ලිපියක් වෙන්දේසි වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ,කර්නල් ආචිබෝල්ඩ් ග්‍රේසි විසින් ලියන ලද එම ලිපිය පවුම් ලක්ෂ 3කට වෙන්දේසි වී ඇති බවයි.

මෙහි විශේෂත්වයක් වන්නේ, ලිපිය පවුම් 60,000ක මුදලකට අලෙවි වනු ඇති බවට අපේක්ෂා කළද එමෙන් පස් ගුණයක මුදලකට එය වෙන්දෙසි වී තිබීමයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලිපිය නිර්නාමික ගැනුම්කරුවෙකු විසින් මිලදී ගෙන ඇති බවයි.

කර්නල් ආචිබෝල්ඩ් ග්‍රේසිගේ 1912 වසරේ අප්‍රේල් මස 10 වන දිනැති අදාළ ලිපියෙන් දින 05 කට පසු ටයිටැනික් නෞකාව උතුරු අත්ලන්තික් සාගරයේදි අයිස් කන්දක ගැටී ගිලි ගියේය.

එහිදී නෞකාවේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ 2,200ක පමණ පිරිසෙන් 1,500කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වුණි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments