බිඳවැටුනු ‘ලංකා ගවර්මන්ට් ක්ලව්ඩ්’ සේවාව යථාතත්ත්වයට

බිඳවැටීමට ලක්ව තිබූ ‘ලංකා ගවර්මන්ට් ක්ලව්ඩ්’ සේවාවේ ගැටලුව මේ වන විට සම්පූර්ණයෙන්ම විසඳා ඇති බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අක්‍රීය වූ සියලුම රජයේ මාර්ගගත සේවාවන් අද (21) දිනයේ සිට සාමාන්‍ය පරිදි ජනතාවට භාවිතා කළ හැකි බවය.

‘ලංකා ගවර්මන්ට් ක්ලව්ඩ්’ සේවාවේ ඇති වු අක්‍රියතාවක් හේතුවෙන් රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට තාවකාලිකව බාධා එල්ල වී තිබුණි.

රාජ්‍ය ආයතන 34ක පමණ සේවාවන්වලට සතියකට අධික කාලයක් මෙමඟින් බලපෑම් එල්ල වී තිබු බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කළේය.

පැවති ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කරමින් පද්ධතියේ ස්ථාවරත්වය මේ වන විට තහවුරු කර ඇති අතර බිඳ වැටුනු සේවාවන් අධියර වශයෙන් සක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ.

aruna

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments