බීමත් රියදුරන්ට දඩ ගහන මත්ද‍්‍රව්‍ය සාන්ද‍්‍රණය නියම කරයි..

මහා මාර්ගයක මෝටර් වාහනයක් ධාවනය කරනු ලබන රියදුරෙකු විසින් මත්ද්‍රව්‍ය කිසිවක් ගෙන ඇති බවට පොලිස් නිලධාරියෙකු විසින් සැක කරනු ලබන අවස්ථාවක පරීක්ෂා කරනු ලැබීම සඳහා එම තැනැත්තා ආණ්ඩුවේ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කරනු ලැබීම නීත්‍යානුකූල විය යුතු බව මෝටර් වාහන පනතේ විධිවිධාන යටතේ දක්වා තිබේ.

එහෙත්, එකී නිශ්චය කිරීම සඳහා පරීක්ෂණයක් පවත්වනු ලැබිය හැකි ක්‍රමය සහ ආකාරයත්, මත්ද්‍රව්‍ය ගෙන ඇතැයි සලකනු ලැබිය යුතු මත්ද්‍රව්‍ය සාන්ද්‍රණයේ ප්‍රමාණය පිළිබඳව විධිවිධාන ඇතුළත් නියෝග නිකුත් කර නොතිබුණි.

එබැවින්, මත්ද්‍රව්‍ය භාවිත කොට රිය පදවනු ලබන රියදුරන් පරීක්ෂා කිරීමට හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් කරමින් (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ විධි විධාන යටතේ 2025 අංක 01 දරන මෝටර් වාහන (මත්ද්‍රව්‍ය) නියෝග, අංක 2452/40 හා 2025-09-04 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

එකී නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරිම පිණිස වැඩබලන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments