භාරකරුවන් නොමැති මළ සිරුරු 28ක් මාස දෙකක් තිස්සේ කළුබෝවිල රෝහලේ

භාරකරුවන් ඉදිරිපත් නොවීම නිසා මියගිය පුද්ගල මළ සිරුරු 28ක්, මාස දෙකක් තිස්සේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි එම රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මළ සිරුරු විසි අටක් දීර්ඝ කාලයක් තැන්පත් කර තැබීමට ශීතාගාර පහසුකම් නොවීම නිසා එම සිරුරු එකොළහක් දින ගනනාවක සිට එළිමහනේ තැන්පත් කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

මොරටුව 04 , පිළියන්දල 04 , අගුලාන 04, මිරිහාන 02 , වැලිකඩ , මහරගම බම්බලපිටිය , කිරුළපන, කොහුවල පොලිස් වසම් වලින් රෝහල් ගත කළ පුද්ගලයින් මියයාමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා භාරකරුවන් ඉදිරිපත් නොවීමෙන් මෙම මළ සිරුරු මාස දෙකක සිට  මෙසේ තැන්පත් කර තැබීමට සිදුව ඇතැයි පැවසේ.

ඉන් ඇතැම් මළ සිරුරු 1990 සුවසැරිය ගිලන් රථයෙන් මහමග වැටී සිටියදී ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ ඒවා වන අතර තවත් කීපයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය ඒවා වන බවත් පැවසේ.

මෙම පුද්ගලයින් රෝහල්ගත කිරීමේදී භාරකරුවන් සේ ඉදිරිපත් වූ පුද්ගලයින් ලබා දී ඇති ලිපිනයන් ව්‍යාජ ඒවා වන බවත් ඇතැම් පුද්ගලයින්ගේ  අනන්‍යතා සහතික කිසිවක් සන්තකයේ නැති බවත් ඒ හේතුවෙන් භාරකරුවන් සොයාගැනීමට නොහැකිව මෙසේ මළ සිරුරු ගොඩ ගැසී ඇති බවත් කිය සිටී.ෙ එම මළ සිරුරු අවුරුදු 40 – 85 අතර වන බවට පොලීසිය සැකකරයි.

මෙම මළ සිරුරු එළිමහනේ තැන්පත් කර තැබීමෙන් සෞඛ්‍ය ගැටලු කිහිපයක් මතුව ඇති අතර මත ශරීරාගාරයේ දෛනික රාජකාරී වලට දැඩි බාධා එල්ල වී ඇතැයි ඔවුන් කියයි. හඳුනා නොගත් මෙම මළසිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කිරීමට භාරකරුවන් වෙතොත් හැකි ඉක්මනින් තොරතුරු ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments