මනිපූර් ප්‍රාන්තයේ අන්තර්ජාල සේවා අවහිර කරයි

වාර්ගික නායකයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ආරම්භ වූ විරෝධතාවක් මුල්කරගෙන ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ඒ අනුව එම ප්‍රාන්තයට ඇඳිරි නීතිය පනවා එහි අන්තර්ජාල සේවා අවහිර කර ඇති බව වාර්තා වෙයි.

ඊයේ දිනයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ එහි වෙසෙන මයිතී ගෝත්‍රික අවිගත් කල්ලියක නායකයින් පිරිසකි.

මෙම කල්ලි නායක අසීම් කන්න් සිං ද මේ පිරිසට අයත් වන අතර, 2023 වසරේ එම ප්‍රාන්තයේ සිදුවූ විවිධ අපරාධ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ප්‍රාන්තය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වී ඇත්තේ ඉන් පසුවය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments