මව – දරුවා සිහිසුන් කළ ඖෂධ දුන් පුද්ගලයා අත්අඩංගුවට

මඩකලපුව ප්‍රදේශයේදී කාන්තාවක සහ දරුවකු ත්‍රිරෝද රථයක දමාගෙන ගොස් සිහිසුන් කර ළිදකට දැමූ සිද්ධියේ කාන්තාව සහ දරුවා සිහිසුන් කිරීම සදහා සැත්කම්වලට භාවිත කරනු ලබන නිර්වින්දන ඖෂධ භාවිත කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව මඩකලපුව පොලිසිය පවසයි.

සැකකාර අඹුසැමි යුවළට එම නිර්වින්දන ඖෂධ ලබාදුන් බව කියන සැකකරුවෙක් කොක්අඩිචෝලේ ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (27) අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයකු වන අතර කොක්අඩිචෝලේ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිද පුද්ගලයකු බව පොලිසිය පවසයි.

සැකකරුට එම නිර්වින්දන ඖෂධ ලබාදුන් බව කියන කොළඹ ප්‍රදේශයේ පුද්ගලයකු සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි  මඩකලපුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් ලීලාරත්න මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර විමර්ශන සිදුකරයි.

2
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments