මහජන ආරක්ෂක කමිටු සාමාජිකයන්ට හැදුනුම්පත්…

දිඹුල පතන පොලිස් වසමේ සියලුම ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි පත් කල මහජන ආරක්ෂක කමිටු සාමාජිකයන් 25 දෙනෙකුට ඔවුන් සිදු කරන සේවය අගයා සහතික පත් සහ හැදුනුම්පත් නිකුත් කිරිමට නුවරඑලිය ජේෂ්ඨ පොලිස් අධිකාරි චන්ද්‍රසේකර බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් (05) දින පසුවරවේ හැටන් කොටගල හින්දු සංස්කෘතික ශාලාවේදි පැවැත්වින.

දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිලන්ත අබේවර්ධන මහතා විසින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනේදි ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ “රටම එකට” යන වැඩසටහන පිලිබදවද දැනුවත් කරනු ලැබුවා.

මහජන ආරක්ෂක කමිටු සාමාජිකයන්ගේ සහයෝගය මත පොලිසිය සමග එක්ව මත්ද්‍රව්‍ය වලින් තරුණ පිරිස් මුදා ගැනීමට කටයුතු කල ආකාරය පිලිබදවද ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් පැමිණ සිටි පිරිස දැනුවත් කරනු ලැබුවා.

මෙම අවස්ථාවට කොටගල සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිළධාරින්, කොටගල වෙළදසංගමයේ සභාපතිවරයා ඇතුලු ව්‍යාපාරික ප්‍රජාව, හින්දු පූජකවරුන් ඇතුලු විශාල පිරිසක් සහභාගි විය.

රංජිත් රාජපක්ෂ     

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments