මාලිමාව දුන් පොරොන්දු කැඩුවා.. මූලික වැඩපිලිවෙලක්වත් නෑ..- අගරදගුරු

ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් පාස්කු ප්‍රහාර විමර්ශන පිළිබඳව දුන් පොරොන්දුව තවමත් ඉටුවී නොමැතිවීම හා ඒ සඳහා මූලික වැඩ පිළිවෙලක් හෝ දියත් කිරීමට නොහැකිවීම අප සසල කරවන්කැයි කිව යුතු යයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසති.

දේව මෙහෙයක් අමතමින් අගරදගුරුතුමන් මෙසේ අදහස් පල කලහ.

මීට වසර හයකට පෙර සිදුවූ භයානක ප්‍රහාරය පිළිබඳව කොතරම් කතා කළත්, “ඒ කතන්දරය ඉවර වෙන්නේ නෑ වගේ මේ වැඩ පිළිවෙල පිටුපස්සේ ක්‍රියාත්මක වුණු කණ්ඩායම කවුද කියලා හොයාගන්නට තාමත් අපට බැරි වෙලා තියෙනවා තාමත් බෑ ඒක හොයාගන්න මෙච්චර උත්සාහ කරලත් ඕක හොයාගන්න බැ අවුරුදු හයක් තිස්සේ ඕනෑවට එපාවට ඒ වැඩේ කරනවා නම් අපි ඒ මිනිස්සුන්ගේ ජීවිත වලට කරන්නේ අගෞරවයක්.

අධිපති කොමිසන් සභා වාර්තාවේ පළමු වෙළුමේ එන 200කටත් වැඩි අධික නිර්දේශ කිසිවක් ක්‍රියාවට නැන්වීමට කිසිදු දේශපාලන නායකයෙක් හෝ පක්ෂයක් මේතා ක්‍රියාත්මක වී නොමැති අතර ඒ පිළිබඳව නිසි යාන්ත්‍රණයක් හෝ ආරම්භ කර නැත.

විශේෂයෙන්ම මේ මහා ව්‍යසනය ගැන කලින් දැන සිටියත් එය වැලැක්වීමට තමන්ට නිලබලයෙන් වගකීමක් තිබුණත් කිසිවක් නොකළ හිටපු ජනාධිපතිවරයෙකු අගමැතිවරයෙකු පොලිසියේ හා ආරක්ෂක අංශවල උසස් නිලධාරණයන් ගැන මේ වාර්තාවේ නිර්දේශ කර ඇති පරිදි නීතිපතිවරුන් හා එම දෙපාර්ථමේන්තුව මේ කිසිදු මිත්‍යානුකූල හෝ විනයුකූල ක්‍රියා මාර්ගයක් ගෙන ඇති බවක් දකින්නට නොමැති බව සඳහන් කරන්නේ බලවත්ම කණගාටුවෙන්.

මෙතෙක් කල් නීතිපති දෙපාර්තමේන්තුව මේ ගැන කිසිවක් නොකර සිටීම ලැජ්ජා සහගත බව කිව යුතුය.

ඇතැම් දේශපාලන නායකයින් හට බැල මෙහෙවර කිරීමට ඇති ආශාව තුළ හැසිරෙන මෙවැනි දෙපාර්තමේන්තු හා රජයේ උසස් යයි කියාගන්නා නිලධාරීන් හැසිරෙන ආකාරය අපි දකිමු.

පසුගිය මැතිවරණ සමයේදී රජය විසින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට පොරොන්දුවක් ලබා දී ඇත. ඒ මේ පිළිබඳව වෝහාරිකව පැවැත්වෙන විමර්ශන වලට මග පෙන්වීමට සහ උදව් වීමටත් ඒ පිළිබඳව මේ ප්‍රහාරයේ නඩු කටයුතු පවත්වාගෙන යාමටත් බලතල ඇති විශේෂ අභිචෝධකරයෙකු සහ කාර්යාලයක් ස්ථාපිත කරන බවට රටට දුන් පොරොන්දුව මේ දක්වාම ඉටුවී නැති බව කනගාටුවෙන් හුවද ප්‍රකාශ කළ යුතුය

ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපවෙත ඉදිරිපත් කරමින් එදා පාස්කු ප්‍රහාර විමර්ශන පිළිබඳව අපට දුන් පොරොන්දුව තවමත් එලෙසම ඉටුවී නොමැතිවීම හා ඒ සඳහා මූලික වැඩ පිළිවෙලක් හෝ දිහත් කිරීමට නොහැකිවීම අප සසල කරවන්න කැයි කිව යුතුයි”.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments