මාලිමා මන්ත‍්‍රී පිරිසක් කොළඹ SJB නගරාධිපති අපේක්‍ෂකට සහාය දෙන්න එක්වෙති..

කොළඹ නහර සභාවේ නගරාධිපති සමගි ජන බලවේගයෙන් යෝජනා කරන අත්දැකීම් බහුල පුද්ගලයාට මාළිමාවේ පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

මාළිමාවෙහි නගරාධිපතිනිය ලෙස යෝජනා කරන කෙනා සහ සමගි ජන බලවේගයෙන්නම් කරන කෙනා අතර අත්දැකීම් හා පරතරය තේරුම් අරගෙන එසේ මාලිමාවේ පිරිසක් සජබ නම් කරන කෙනාට ඡන්දය දීමට සුදානම් වී ඇති බවත් ඔහු කීය.

කොළඹ මහ නගර සභාව අඛණ්ඩව වසර 20ක් නියෝජනය කළ අයකු සමගි ජන බලවේගය ඉදිරිපත් කරන බවත් ඔහුට මාලිමාවේ අය වුවත් ඡන්දය දෙන බවත් මන්ත්‍රීවරයා කීය.

කොළඹ මහ නගර සභාව හොඳ පරිපාලනයක් සහිත නගර සභාවක් හැටියට ඉදිරියට ගෙන යාමට එම සිරිස සහයෝගය දෙන බවද මන්ත්‍රීවරයා තව දුරටත් පැවැසීය.

කොළඹ ප්‍රදේශයේ නගරවාසීන් මුහුදෙන සශ්න ගැන අවබෝධයක් තිබෙන කෙනෙක් නගරාධිපති හැටියට පත් විය යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවැසියග

සචිත‍්‍ර පෙරේරා

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments