මැදපෙරදිග යුදමය වාතාවරණයෙන් මාර්තු අපනයනවලට 5% බලපෑමක්

මේ වන විට උද්ගතව ඇති මැදපෙරදිග යුදමය  අරබුදකාරී වාතාවරණය හමුවේ මාර්තු මාසයේ දී අපනයන කාර්යසාධනයට සියයට 5 ක පමණ බලපෑමක් එල්ල විය හැකි බව සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පැවසීය.

එම බලපෑම සෙසු කලාප හරහා ආවරණය කර ගැනීමට බලාපොරොත්තු අද (26) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කීවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා මෙසේ ද කීවේය.

අපි අපනයන සංවර්ධන මණ්ඩලය විදියට 2026 වසරේ අපේ ජාතික අපනයන සංවර්ධණ සැලැස්ම හරහා මෙවැනි ගැටළුකාරී තත්ත්වයක් ආවොත්විශේෂයෙන්ම භාණ්ඩ විවිධාංගීකරණය කිරීම සහ වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීම හරහා සියයට 10 ක  12 ක වර්ධනයක් තියාගන්න බලාපොරොත්තුව තියෙනවා. අපගේ යවන භාණ්ඩ ප්‍රමාණය මැදපෙරදිග කලාපයට සමස්ත අපනයනයෙන් සියයට 8 ක ප්‍රමාණයක්. මේ වෙන කොට සමස්ත තේ අපනයනයගිය අවුරුද්දේ අපි ලබා ගත්තා ඇමරිකානු ඩොලර් 1507ක් තේ අපනයනයෙන්එහිදී මිලියන 562ක ප්‍රමාණයක් ගියේ මැදපෙරදිග කලාපයට. සමස්ත තේ අපනයනයෙන් සියයට  35 ක්. මුල් කාලයේ දී ගැටළුවක් ආවාෆල්යිට් වැඩකරන්නේ නැතුවරක්ෂණ ගාස්තුනැව් ගාස්තු වැඩිවීමේ ගැටළුවක් ආවා. මේ ආශ්‍රිතව සාකච්ඡා වට දෙකක් අපි තිබ්බා මැදපෙරදිග කලාපයේ සියලුම තානාපතිවරුන් සමගඑහිදී ඔවුන්ගේ ඉල්ලීම තිබුණේලංකාවේ භාණ්ඩ සඳහා තිබෙන ඉල්ලුම තවමත් අඩුවෙලා නැහැ.  ඉල්ලුම වැඩිවීමක් තියෙනවා. පුළුවන් තරම් ඉක්මනින් භාණ්ඩ එවන්න කියන එක. මේ වෙන කොට අපේ අපනයනකරුවන් මුල් සති දෙකට සාපෙක්ෂව යම්කිසි ප්‍රමාණයකින් ඒ රටවලට භාණ්ඩ අපනයනය කරනවා.’

Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments