මැයි දිනයට ආ මාලිමා බස් අධිවේගයේ නවත්වා කෑම කති..

ජාතික ජනබලවේගය විසින් කොළඹ ගාලු මුවදොර පිටියේදී පවත්වන ලද මැයි දින සමරුමට සහභාගි වූ ආධාරකරුවන් රැගෙන පැමිණි බස් රථ අධිවේගී මාර්ගයන්හි නවත්වා ආහාර ගන්නා වීඩියෝ රැසක් සමාජ ජාල වල හුවමාරු වෙයි.

අධිවේගී මාර්ගයන්හි වාහන නතර කිරීමට හා ඒවායෙන් බැසීමට අවසර නොලැබෙන නමුත් අද දිනයේ එම නීතිය උල්ලංඝනය වී ඇත.

ඇතැම් ස්ථානයන්හි අධිවේගීමේ රථවාහන පොලිස් නිලධාරින්ද ඒ අවටම සිටිනු දක්නට ලැබෙයි.

බස් රථ රැසක්ම මේ ආකාරයෙන් අධිවේගී මාර්ගය අසල නවතා ආහාර ගනු එකී වීඩියෝවන්හි දැක්වේ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments