මැයි රැලියට ආ බස් අධිවේගී මාර්ගයේ නතර කර කෑම කෑ හේතුව හෙළිවෙයි

මැයි පලමුවැනිදා ජතික ජනබලවේගයේ මැයි දින රැලියට අධිවේගී මාර්ගයේ පැමිණි බස් රථ එම මාර්ගයේ නවතා ආහාර ගැනීම සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ ආරම්භ වී ඇත.

මෙම විමර්ශණ ක‍්‍රියාත්මක වන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගය දකුණ භාර පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙනි.

වැලිපැන්න සේවා ප්‍රදේශය ආසන්නයේ මාර්ගයේ නවතා දිවා ආහාරය ගනිමින් විවේක ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝව සාමාජ ජාලවල හුවමාරු වීමෙන් පසු මෙම පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

පොලිසිය පවසන්නේ එලෙස නවතා තිබූ බස් රථවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය.

අදාළ බස් රථ එම ස්ථානයේ නතර කර ඇත්තේ වැලිපැන්න සේවා කලාපයේ ඉදි කර ඇති රථ ගාලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බවත් පැවසේ.

කෙසේ වෙතත් අධිවේගී මාර්ගයේ ඕනෑම ස්ථානයක හෝ මාර්ගයේ ඕනෑම කොටසක වාහන නවතා තැබීම තහනම්ය.

හදිසි මංතීරුවේ වාහන නතර කිරීමට අවසර ඇත්තේ අත්‍යවශ්‍ය හදිසි අවස්ථාවකදී පමණක් බව සඳහන් වෙයි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments