මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ සිටි තවත් 15ක් මුදා ගැනෙයි

මියන්මාරයේ සයිබර් කදවුරු තුළ රදවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකික තරුණයන් 15 දෙනෙකු , එයින් මුදා ගෙන 05/07 දින උදෑසන සංක්‍රමණය සදහා වන ජාත්‍යන්තර සංවිධානය ( International Organization for Migration ) විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.

විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය තායිලන්ත සහ මියන්මාර රජයන් සමග සිදු කළ රාජතාන්ත්‍රික මෙහෙයුමකින් අනතුරුව මෙම පිරිස මියන්මාරයේ සයිබර් කදවුර තුළින් මුදා ගෙන මෙරටට ගෙන ඒමට හැකි වී තිබේ .

මෙම 15 දෙනාම පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් මියන්මාරයේ , මියවැඩි නැමති ප්‍රදේශයේ පිහිටි සයිබර් කදවුර තුළින් මුදා ගෙන , දේශසීමාව ඔස්සේ තායිලන්තය වෙත රැගෙන විත් තිබේ .

ඉන්පසු මොවුන් තායිලන්තයේ බැංකොක් නුවර සිට 05/07 දින උදෑසන 10.30 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

මියන්මාරයේ සිට තායිලන්තය දක්වාත්  එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වාත් මොවුන් රැගෙන ඒමේ වගකීම සහ ඒ සදහා වූ  බරපැන සංක්‍රමණය සදහා වන ජාත්‍යන්තර සංවිධානය විසින් දරා තිබුණි .

             මොවුන් සියලු දෙනාගේ නිශ්කාශන කටයුතු නිමා කර , 05/07 දින සවස 05.30 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් ඔවුන්ගේ ගම්බිම් බලා පිටත්ව යාම සදහා නිදහස් කර තිබුණි.

ටී.කේ.ජී. කපිල

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments