මීමුරේට එන්න එපා

හුන්නස්ගිරිය – මීමුරේ මාර්ගයේ කයිකාවල පාලම තාවකාලිකව වසාදමා ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසීය.

ඒ හේතුවෙන් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පාලම යථාවත් කරන තෙක් මීමුරේ සංචාරය සඳහා පැමිණීමෙන් වළකින ලෙසය.

වැඩිදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා,

“හුන්නස්ගිරිය – මීමුරේ මාර්ගයේ කයිකාවල පාලම මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අලුත්වැඩියා කරගෙන යනවා.

ඒ අතරතුර පාලමේ පාදමත් එක්ක  අලුත්වැඩියාව සඳහා ගලක් විදින්න වුණා.

මේ හේතුවෙන් මේ වනවිට පාලමෙන් වාහන ගමනාගමනය තාවකාලිකව නතරකර තිබෙනවා.

ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මීමුරේට මේ දිනවල විනෝද ගමන් එනවානම් පාලම නැවත සකස්කරන තෙක් එන්න එපා කියලා. 

මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරු දන්වා සිටියා දින 3ක් ඇතුළත මෙය යථාවත් කරන්න පුළුවන් වෙයි කියලා” යනුවෙන් පැවසීය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments