මුතුගල සර් ඉල්ලා අස් වෙයි.!

කැලින් සමාගම විසින් ඉදිරි දිනයකදී පවත්වන්නට නියමිත ‘පොපියුලර් අවර්ඩ්ස්’ නමැති සම්මාන උළෙලෙහි නිර්දේශිත නම් ලැයිස්තු පසුගිය 30 වනදා ප්‍රසිද්ධියට පත්කළ අතර ඒ හරහා විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරනා ජනප්‍රිය කලා තරු මෙන්ම වෘතිකයින් රැසකගේ නම් දැකගත හැකි විය.

මේ අතර මෙම සම්මාන උළෙලේ ජනප්‍රියම ගුරුවරයා සම්මානය සඳහා මෙරට ප්‍රවීණ ජීව විද්‍යා ගුරුවරයෙකු වන දිනේෂ් මුතුගල මහතාගේ නමද යෝජනා වී තිබිනි.

එමෙන්ම පසුගියදා පැවති තවත් මෙවැනිම සම්මාන උළෙලක් වන ඒෂියා මිරකල් (2025) සම්මාන උළෙලේදී වසරේ හොඳම ශිෂ්‍යත්ව විභාග දේශකවරිය හා වසරේ ජනප්‍රියතම ගුරුවරයා සම්මානය පසුගිය වකවානුවේ ආන්දෝලනාත්මක පුවත් මැවූ හයේෂිකා ප්‍රනාන්දු මහත්මියට පිරි නැමීම රට තුළ මහත් ආන්දෝලනයට ලක්වූ අතර බොහෝ පාර්ශවයන්ගෙන් ඊට චෝදනාද එල්ල විය.

එම අවස්ථාවට එක්වූ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා එම සම්මානය ඇයට පිරිනැමීම ප්‍රතික්ෂේප කිරීමද රට තුළ මහත් කතා බහට ලක්විය.

කෙසේවෙතත් මෑත කාලීනව පවත්වන විවිධ නම් සඳහන් සම්මාන උළෙල වල ඇගයීම් වටිනාකම පහළ මට්ටමක පැවතීමත්, මුදල් මත සම්මාන පිරිනමන බවට නැගෙනා චෝදනා හේතුවෙනුත් ඒ පිළිබඳ සෘජුව සඳහන් නොකර තමන්ගේ නම් ඉවත්කරගැනීමට ජනප්‍රියම ගුරුවරයා සම්මානයට යෝජනා වූ දිනේෂ් මුතුගල මහතා කටයුතු කර තිබේ.

මේ ඒ පිළිබඳ ඔහු සිය මුහුණු පොතේ තබා තිබූ සටහනකි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments