මුල් මාසයේම QR ක්‍රමයට තේ පොහොර ලබාදීමේ ඉහළ ප්‍රගතියක්

තේ කර්මාන්තයේ යෙදී සිටින ගොවීන්ට පොහොර සහනාධාරය ලබා දීමේදී ඇතිවන ගැටලු මගහරවා ගැනීම සඳහා  වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ QR ක්‍රමයට තේ පොහොර ලබා දීමේ ක්‍රියාවලිය මේ වන විට ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.

2030 වසර වන විට ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 400ක් දක්වා සහ තේ අපනයන ආදායම ඩොලර් බිලියන 2.5ක් දක්වා ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින්, සහනාධාර තේ පොහොර බෙදාදීමේදී පැන නැගී තිබූ ගැටළු නිරාකරණය කරමින් QR ක්‍රමවේදය යටතේ නව පොහොර බෙදාදීම පසුගිය ඔක්තෝබර් මස පළමුවනදා සිට දිවයින පුරා ආරම්භ කරන ලදී.

පැවති ක්‍රමවේදය යටතේ පැන නැගුණු ගැටලු ලෙස පොහොර සංස්ථාවෙන් පමණක් පොහොර ලබාදීම, ඉඩම් ප්‍රමාණය අනුව පොහොර ප්‍රමාණය තීරණය කිරීමත් වෙනුවට පොහොර ලේකම් කාර්යාලයේ අනුමත පොහොර සමාගම් වලින් මෙම පොහොර සහනාධාරය නිකුත් කිරිම සහ පොහොර ලබාදීම කඩිනම් කිරිමටත් නව QR ක්‍රමවේදයක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් පසුගිය සැප්තැම්බර් මාසයේදී හඳුන්වාදීමට කටයුතු කරනන ලදී.

මෙතෙක් ඉඩම් ප්‍රමාණය මත පොහොර ප්‍රමාණය තීරණය වුවද, මෙම ක්‍රමවේදය යටතේ මාස තුනක දළු ප්‍රමාණයේ එකතුවේ සාමාන්‍ය අගය මත පොහොර  සහනාධාරයේ ප්‍රමාණය තීරණය කිරීම සිදුවේ. 

ඒ අනුව රජය විසින් කි.ග්‍රෑම් 50 පොහොර මිටියක් සදහා රු. 4000 ක මුදලක් ද, කි.ග්‍රෑම් 25 පොහොර මිටියක් සදහා රු. 2000 මුදලක් ද කුඩා හා මධ්‍යම පරිමාණ තේ වතු හිමියන් වෙත ලබා දීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවති.

මෙම පොහොර ලබාදීමේ ක්‍රමවේදය හරහා  පසුගිය (31) වන විට අයදුම්පත් 95,230ක් ලැබී ඇති අතර අදාල දිනට ඒ අතරින් 67,056 දෙනෙකු ලියාපදිංචි කර ඇති බවත් එම අමාත්‍යාංශය සඳහන් කළේය. 

එමෙන්ම ඒ අතරින් ගොවීන් 49,548 දෙනෙකු සඳහා QR කේතයන් ලබා දෙමින් සහනාධාර තේ පොහොර මෙට්‍රික් ටොන් 187.4 ක් ලබා දී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 49.33% ප්‍රගතියක් අත් කරගැනිමක් බවද එම අමාත්‍යාංශය පැවසීය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments