මෙරට දරු උපත් අඩුවෙලා,විවාහවීමත් අඩුවෙලා මරණ වැඩිවෙලා

2020 වසරට සාපේක්ෂව 2024 වසරේ මෙරට උපත් සංඛ්‍යාව 80,945 කින් අඩුවී ඇති බව රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

ඉකුත් 2024 වසරේ වැඩිම උපත් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර අවම උපත් සංඛ්‍යාව වශයෙන් 846 ක් මුලතිව් ප්‍රදේශයෙන් වාර්තාවී තිබුණි.

2020 වසරේ උපත් සංඛ්‍යාව 301,706 ක් වන අතර ඉකුත් 2024 වසරේ උපත් සංඛ්‍යාව 220,761 කි. 2021 වසරේ උපත් 284,848 ක්ද, 2022 වසරේ 275,321 ක්ද, 2023 වසරේ 247,900 ක්ද ලෙස උපත් සංඛ්‍යාව වාර්තාවී තිබුණි.

රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2021 වසරේ සිට 2024 වසර දක්වා මරණ සංඛ්‍යාවද සැලකියයුතු පරිදි වැඩිවී ඇත.

ඒ අනුව 2020 වසරේ මරණ සංඛ්‍යාව 132,371 ක්ද, 2021 වසරේ මරණ 163,936 ක්ද, 2022 වසරේ මරණ 179,792 ක්ද, 2023 වසරේ මරණ 181,239 ක්ද, 2024 වසරේ මරණ 171,194 ක්ද වාර්තා වී ඇත.

කෙසේ වෙතත් එම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2023 වසරට සාපේක්ෂව 2024 වසරේ පුද්ගලයන් විවාහවීමේ සංඛ්‍යාව 12,066 කින් අඩුවී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

(ගයාන් සූරියආරච්චි)

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments