“මේ රට හදන්න සහභාගි වෙන්න” ජනපතිගෙන් ඩයස්පෝරාවට ඇරයුම්.!

මාන්කුලම්වල කර්මාන්ත පුරයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් එම කර්මාන්ත පුරයේ ආයෝජනය කරන ලෙස දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“හොරකම් කරපු අයට මොකද කරන්නේ අහනවා. අනිවාර්යෙන්ම දඬුවම් ලබාදෙනවා. මේ වෙනකොටත් උතුරු – මැද හිටපු මහඇමති හිරේ, ඌවේ හිටපු මහඇමති රිමාන්ඩ්, නැ‍ගෙනහිර හිටපු මහඇමති රිමාන්ඩ්, තව හිටපු ඇමතිවරයෙක් හැංගිලා. හොඳයිනේ. හරියට වැඩේ කරනවා.”

අපි නඩු දාලා තියෙනවා. හිටපු ජනපතිගේ ලොකු පුතාට එක නඩුවක් දැම්මා, දෙවැනි පුතාට නඩු දෙකක් දැම්මා, ආච්චිටත් එක නඩුවක් දැම්මා. පළමු වතාවට ආණ්ඩුවක් හදලා තියෙනවා තරාතිරම නොබලා කාටත් නීතිය ක්‍රියාත්මක කරන ආණ්ඩුවක්.

මැයි (06) වැනිදා මේ ආණ්ඩුවට තවත් විශාල හයියක් ලබාදෙන්න. ප්‍රාදේශීය සභා සියල්ල ජාතික ජන බලවේගයට භාරදෙන්න. ලෑස්තියිනේ. අපි දිනන්න ඕන. මේක ආපහු හැරෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ.

අපේ විශාල බලාපොරොත්තු තියෙනවා මේ යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදනවා. ආණ්ඩුවේ පළමු කාලය තුළ ජාත්‍යන්තර තරගයක් පවත්වනවා. අපේ පරම්පරාව යුද්ධ කර ගත්තා හැබැයි අපේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධය නැති රටක් හදමු.

අනන් ඒක තමයි ජාතික ජන බලවේගයේ වැඩේ. මේ ප්‍රදේශයේ හිටිය බොහෝ අය විදෙස්ගත වෙලා ඉන්නේ. ඔවුන්ට විශාල ආදායම් තියෙනවා. අපි ඒ සියලු දෙනාට ආරාධනා කරනවා එන්න ලංකාවට. ආයෝජනය කරන්න පටන්ගන්න.

අපි මාන්කුලම්වල කර්මාන්ත පුරයක් ආරම්භ කරනවා ඒවට එන්න ආයෝජනය කරන්න. ඔබ කොහෝ හිටියත් මේක අපි ඉපදුන රට මේ රට හදන්න සහභාගි වෙන්න කියලා ඩයස්පෝරාවේ අයට කියනවා”

පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ පැවති ජන රැළිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments