යුද සමයේ ඉන්දියාවට පලාගිය සරණාගතයින්ට මෙරටට පැමිණීමට තිබූ බාධා ඉවතට

යුද්ධය පැවති සමයේ මෙරටින් පලාගොස් ඉන්දියාවේ සරණාගතයින් ලෙස රැඳී සිටින පුද්ගලයින්ට මෙරටට පැමිණීමේ දී පවතින බාධා ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, ඒ සඳහා පවතින ආගමන විගමන නීතී සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් පියවර ගනිමින් සිටින බවය.

යුද්ධය පැවති සමයේ දී උතුරේ ජීවත් වූ ජනතාව යම් පිරිසක් ආරක්ෂාව පතා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට පලාගිය අතර ඔවුන් මේ වන විට ඉන්දියාවේ සරණාගත කඳවුරුවල ජීවත් වේ.

එම පිරිසට යළි ලංකාවට පැමිණීම සඳහා පවතින ආගමන විගමන නීතී බාධාවක් වී ඇති බැවින් එම නීතී සංශෝධනය කිරීමට අවධානය යොමුව ඇති බව ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.

ඒ සඳහා කඩිනමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

මේ අතර ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණි කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු තලෙයිමන්නාරම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් ඉන්දියාවේ රාමේෂ්වරම් සිට මුහුදු මාර්ගයෙන් දිවයිනට පැමිණ ඇති බවය.

එලෙස දිවයිනට පැමිණ ඇත්තේ 24 හැවිරිදි යුවළක් සහ අවුරුදු 3 හමාරක් වයසැති දරුවා බව පොලීසිය සඳහන් කළේය.

මොවුන් 2023 වර්ෂයේ මැයි මාසයේ දී බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පලාගොස් ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments