රනිල් දුන්න බාර් ලයිෂන් නිවැරදියි.. ක‍්‍රියාත්මක කරන්න..- මුදල් ලේකම් දිවුරුම් ප‍්‍රකාශයකින් අධිකරණයට දන්වයි..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය තුළ නිකුත් කළ බව කියන මත්පැන්හල් බලපත්‍ර ලැයිස්තුවක් නීත්‍යානුකූල බවට මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතා දිවරුම් ප‍්‍රකාශයක් මගින් අධිකරණයට දන්වා ඇතැයි වරුණ රාජපක්‍ෂ මහතා පවසයි.

සිය අන්තර්ජාල නාලිකාවේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පවසන්නේ එම දිවුරුම් ප්‍රකාශය මගින් සඳහන් කර ඇත්තේ, මෙම බලපත්‍ර ලබා දීම ඉතාම නීත්‍යානුකූලව සිදු කර ඇති බවත්, එම ලබා දීම නිවැරදි බවත්ය.

තවද, ආණ්ඩුව ඉල්ලා සිටින්නේ මෙම නඩුවේ ඇති චෝදනා හැකි ඉක්මනින් ඉවත් කර දමා, එම බලපත්‍රවලට ක්‍රියාත්මක වෙන්න දෙන ලෙසයි.

මෙම බලපත්‍ර දේශපාලඥයන්ට ලබා දුන් බවට චෝදනා එල්ල වූ අතර, සාල පේරහිත් පහස්ම ඇතුළු පිරිසක් මෙම බලපත්‍ර ලබා දීම වැරදි බව පවසමින්, එය වහාම නවතා අත්හිටුවන්නැයි ඉල්ලා අධිකරණයට ගියහ.

කෙසේ වෙතත්, මෙම බලපත්‍ර දේශපාලඥයන්ට දුන් බවට ප්‍රකාශ කරමින්, නඩුවේ සාක්‍ෂිකරුවෙකු ලෙස නම් කර ඇතිවසන්ත සමරසිංහ මහතා උසාවියට පැමිණ නැත. 

එමෙන්ම, බලපත්‍ර ලැබුණු බව කියූ දේශපාලඥයෙක් ද උසාවියට පැමිණ නැත.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments