රම්බොඩ දී වෑන් රථයක් පෙරළී අනතුරක්

කොත්මලේ, රන්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේ බිහිසුණු බස් අනතුර සිදුවු ස්ථානයට ආසන්නයේ අද (14) වෑන් රථයක් පෙරළී අනතුරක් සිදුව තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ ඉන් පුද්ගලයින් 12දෙනෙකු තුවාල ලබා ඇති බවය. 

තුවාලකරුවන් කඩිනමින් කොත්මලේ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

මෙසේ අනතුරට ලක්වූ පිරිස රාජාංගණය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments