රුපියල් මිලියන 460ක කුෂ් තොගයක් සමග විදෙස් තරුණියක් අත්අඩංගුවට

තායිලන්තයේ බැංකොක් කුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් විසින් නීතිවිරෝධීව රැගෙනව ආ කුෂ් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන නිලධාරීන් විසින් සිදුකරන ලද විශේෂ වැටලීමකදි අද (12) පස්වරුවේ ඇය මෙරටට පැමිණි පසු රේගු පරිශ්‍රය පසුකර යාමට උත්සාහ කිරීමේදි නවතා පරීක්ෂා කිරීමේදි ඇගේ ගමන් මළු තුළ මෙම මත්ද්‍රව්‍ය තොගය තිබී හමුව ඇත.

රේගු නිලධාරීන් පැවසුවේ සොයා ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 46ක් වන අතර මෙහි වීදි වටිනාකම රුපියල් මිලියන 460කට ආසන්න වන බවය.

සැකකාරිය හා මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට පියවර ගත් බවත් රේගු නිලධාරීන් පැවසුවේය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments