රු. ලක්ෂ 12ක අල්ලසක් ගත් කෘෂිකර්ම ලොක්කෙක් අත්අඩංගුවට

රජයේ ඉඩමකින් කොටසක් වගා කටයුතු සිදුකිරීමට ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 12ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙකු අල්ලස් කොමිසම විසින් ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇත.

මහව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අනවසරයෙන් අල්ලාගෙන වගා කටයුතු සිදු කරන ලද අක්කර 20ක පමණ ප්‍රමාණයක රජයේ ඉඩමකින්, අක්කර 12ක පමණ ප්‍රමාණයක් පැමිණිලිකරු වෙත වගා කටයුතු සිදු කිරීම සඳහා එම ඉඩමට සැකකරු විසින්  අක්කර බදු ගෙවූ බවට කුවිතාන්සියක් ලබා ඇත.

එම අවශ්‍ය කටයුතු සිදුකර දීම සඳහා ලක්ෂ 35ක මුදලක් ඉල්ලා තිබේ. ඉන් ලක්ෂ 10ක මුදලක් ලබාගැනීම සහ ඉතිරි ලක්ෂ 25ක මුදලෙන් රුපියල් ලක්ෂ 12ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගැනීමේ චෝදනාව මත මෙම අත්අඩංගුවට ගෙන සිදුකර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දියළුම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙක්ය.

ඔහු ඊයේ ප.ව.12.15ට පමණ තණමල්විල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඇතිලිවැව නගරයේ අවන්හලක් තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු වැල්ලවාය ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

adaderana.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments