රු. 2000 නෝට්ටුව ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්

මහ බැංකුව සිය 75 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් 2025.08.29 දින රුපියල් 2000 ක සංසරණය සඳහා වන සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කරන ලදී. 

නව මුදල් නෝට්ටුව පහසුවෙන් මුදල් සංසරණයට අනුගත කිරීම සඳහා, බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුන්ගේ මුදල් හැසිරවීමේ යන්ත්‍ර ක්‍රමාංකනය කිරීමේ (Calibration) ක්‍රියාවලියක යෙදී සිටී. මෙම ක්‍රියාවලියේ ප්‍රගතියට අනුකූලව, නව මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් මුදල් සංසරණයට නිකුත් කරනු ලබන බව මහ බැංකුව නිවේදනය කරයි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments