ශ්‍රී ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණබව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ කොළඹ පදනම් ආයතනයේදී පැවැති මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය විසින් සංවිධානය කළ තෙවන ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයට සහභාගි වෙමිනි.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය ශ්‍රී ලංකාවේ මැණික් ඛනිජ පිළිබඳ සමීක්ෂණය, ඒවායේ පිහිටීම හඳුනාගැනීම, විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීම, යන්ත්‍ර සූත්‍ර නිපදවීම, ශිල්පීය හා උපදේශන සේවා සැපයීම, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ පුහුණුව ලබාදීම, වැඩමුළු හා සම්මන්ත්රණ පැවැත්වීම, පත්‍රිකා හා පොත්පත් පළ කිරීම ආදී මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ සංවර්ධනයට අවශ්‍ය කටයුතු සිදු කරනු ලබයි.
මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂකයන්ගේ පර්යේෂණ ප්‍රතිඵල හා නව තාක්ෂණයන් කර්මාන්තගත කිරීමේ අරමුණින් “Advancement of the Resent Technologies in the Gem and Jewellery Industry” තේමාව යටතේ මෙවර සම්මන්ත්‍රණය පැවැත්වූ අතර මෙහිදී මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය වෙනුවෙන් තාක්ෂණික නවෝත්පාදන, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්රිත සංචාරක කර්මාන්තය, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්රිත පාරිසරික ගැටලු, කර්මාන්තයේ සමාජ ආර්ථිකමය පසුබිම, මැණික් ස්වර්ණාභරණ ක්ෂේත්රයෙහි පුරාවිද්‍යාත්මක දෘෂ්ටිකෝණය, මැණික් නිධි හා වටිනා ලෝහ නිධි සමීක්ෂණය හා තක්සේරු කිරීම, 2030 වසරේ තිරසාර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් මැණික් පතල් කර්මාන්තය, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ආචාරධර්ම, මැණික්වල අගය වැඩි කිරීම, කෘතිම මැණික් හා අනුකාරක මැණික්, මැණික් හා ස්වර්ණාභරණ වෙළඳාම යන මාතෘකා ඔස්සේ තාක්ෂණික සැසි 3 ක් හා පෝස්ටර් සැසියක් හරහා දේශීය හා විදේශීය පර්යේෂණ පත්‍රිකා 23 ක් ප්‍රකාශයට පත් කරන ලදී.
මෙම ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයට සමගාමීව “Driving economic growth through a sustainable Gem and Jewellery Sector “ තේමාව ඔස්සේ විද්වත් සාකච්ඡාවක්ද සංවිධානය කර තිබුණි.
C news

