“ලොල් වුණු ‍ශෝන් ඉවත් වෙනු” – සිම්බාබ්වේ ක්‍රිකට්

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ශෝන් විලියම්ස්ගේ ක්‍රීඩක කොන්ත්‍රාත්තුව තව දුරටත් දීර්ඝ නොකිරීමට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඔහුගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය මෙයට හේතුව ලෙස සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය දක්වා ඇත.

පසුගිය මස පැවැති හරාරේ හි පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විස්සයි විස්ස ලෝක කුසලාන අප්‍රිකානු සුදුසුකම් ලැබීමේ තරගයකට පෙර දින විලියම්ස් ජාතික කණ්ඩායමෙන් ඉවත් වූ අතර, වාර්තාවලට අනුව ඔහු එහිදී මත්ද්‍රව්‍ය පරීක්ෂණයකින් වැළකී සිට ඇත. ඒ හේතුවෙන් ඔහුව ඉක්මනින්ම පුනරුත්ථාපනය සඳහා ද යොමු කොට තිබේ.

සියලුම ගිවිසුම්ගත ක්‍රීඩකයන් වෘත්තීයභාවය, විනය සහ කණ්ඩායම් ප්‍රොටෝකෝල සහ මත්ද්‍රව්‍ය විරෝධී රෙගුලාසිවලට අනුකූල වීම පිළිබඳ ඉහළම ප්‍රමිතීන් පවත්වා ගනු ඇති බව සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය විශ්වාස කරයි. ඒ අනුව විලියම්ස්ගේ වාර්තාව සමාලෝචනය කිරීමෙන් විනය ගැටලු නැවත නැවත ඇති වීමේ ප්‍රශ්නකාරී බව කණ්ඩායමේ සූදානමට සහ කාර්ය සාධනයට බලපා ඇති බව ඔවුහු වැඩි දුරටත් අවධාරණය කරති.

විලියම්ස් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පස්වන වැඩිම ලකුණු ලාභියා වන අතර ඔහුගේ වසර 20ක ක්‍රීඩා ජීවිතය තුළ ලකුණු 8968ක් ලබා ඇත. සියලුම ආකෘතිවලින් ශතක 14ක් රැස් කරගෙන ඇති ඔහු සිම්බාබ්වේ වෙනුවෙන් තුන්වන වැඩිම ශතකලාභියා බවට ද පත්ව ඇත. ඔහුට ඉදිරියෙන් සිටින්නේ ශතක 18ක් ලද බ්‍රෙන්ඩන් ටේලර් සහ ශතක 16ක් රැස් කර ඇති ඇන්ඩි ෆ්ලවර් පමණි. එසේම පන්දු යැවීමේදී ඔහු කඩුලු 161ක් ලබාගෙන ඇති ඔහු, සියලුම ආකෘතිවලින් සිම්බාබ්වේ වෙනුවෙන් 10 වැනි වැඩිම කඩුලු ලාභියා ද වේ.

aruna

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments