ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය විවෘත වෙයි

ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය ලෙස සැලකෙන ඊජීප්තුවේ මහා කෞතුකාගාරය නිල වශයෙන් විවෘත කර තිබේ.

1992 වසරේ දී සැලසුම් කරන ලද මෙම කෞතුකාගාරයේ ඉදිකිරීම් 2005 වසරේ දී ආරම්භ කර ඇත.

අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක මුදලක් වැය කරමින් 2023 වසරේ එහි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර තිබුණි.

අද (01) දිනයේ විවෘත වූ මෙම කෞතුගාකාරය තුළ පූර්ව රාජවංශික යුගයේ සිට ග්‍රීක සහ රෝම යුග දක්වා රටේ ඉතිහාසයේ ආවරණය වන කෞතුක වස්තු ලක්ෂයකින් පමණ සමන්විත වන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

එමෙන්ම ඊජීප්තුවේ ටූටන්ඛාමුන් රජුගේ සොහොන සම්පූර්ණයෙන් පළමු වරට ප්‍රදර්ශනය කිරීම සඳහා ද මෙම කෞතුකාගාරයේ දී කටයුතු යොදා ඇති බව සඳහන් වෙයි.

නොවැම්බර් 4 වනදා සිට නරඹන්නන් සඳහා විවෘතව වන ඊජීප්තු මහා කෞතුකාගාරය වාර්ෂිකව මිලියන 08ක පමණ පිරිසක් නරඹනු ඇතැයි අපේක්ෂා කරන අතර මේ හරහා එරට සංචාරක කර්මාන්තයට විශාල දායකත්වයක් ලැබෙනු ඇති බව ද විචාරකයින් පෙන්වාදී ඇත.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments