ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවයි

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවා තිබේ.

විනාශකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින්  මෙම ක්‍රියාමාර්ගය ගත් බව ලොස් ඇන්ජලීස් නගරාධිපතිවරිය නිවේදනය කරයි.

අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 සිටි පසුදා උදෑසන 6.00 දක්වා මෙම ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ.

ඇඳිරිනීතිය උල්ලංඝනය කරන ඕනෑම අයෙකු රඳවා තබා ගන්නා බවට ඇය අනතුරු ඇඟවීය. 

පසුගිය සඳුදා රාත්‍රියේ ව්‍යාපාර 23ක් කොල්ලකෑමත් සමඟ ලොස් ඇන්ජලීස් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට නගරාධිපතිවරිය තීරණය කළාය.

අඟහරුවාදා දිනයේදී පමණක්, අත්අඩංගුවට ගැනීම් 197ක් හමුදාව විසින් සිදු කරන ලදි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments