ලෝක ආර්ථික සමුළුවේ මා කල කතාව විකෘති කර ෆේස්බුක් දාලා..

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද පාර්ලිමේන්තුවට පැවසුවේ චීනයේ පැවති ලෝක ආර්ථික සමුළුවේදී තමා කළ කතාව ඇතැම් පුද්ගලයින් විසින් ඔවුන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රවලට ගැලපෙන පරිදි වැරදි ලෙස නිරූපණය කර ඇති බවයි.

තම ප්‍රකාශය පැහැදිලි කරමින් අමාත්‍යවරයා පැවසුවේ, ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රයෝජනයට නොගත් විභවයන් සහ පවතින සම්පත් තමන් ඉස්මතු කළ බවයි.

“මං දැක්කා සමාජ මාධ්‍යවල මං ලෝක ආර්ථික සමුළුවට ගිහින් ඉදිරිපත් කළ කතාව විකෘති කරලා ඒ ගොල්ලන්ට ගැළපෙන විදිහට ඉදිරිපත් කරනවා. මම එතනදි කීවෙත් ඒකයි.

අපේ රටේ බුද්ධිමත් තරුණ පිරිස පිටරටවලට යනවා. අපි නිදහස් අධ්‍යාපනයෙන් උගන්වන අය පිට රටවලට යන එක අපරාධයක්. ඒක ආසියානු කලාපයේම අර්බුදයක්.

අපේ රටවලට යුරෝපයේ තිබෙන මත්ද්‍රව්‍ය එනවා. සංචාරක කර්මාන්තයට අපි කැමති වුණාට මත්ද්‍රව්‍යයවලට කැමති නෑ. අපි ඒක බේර ගන්න ඕන.”

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments