ලෝක රූ රැජින තරගයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳවැටෙයි

72වැනි ලෝක රූ රැජින තරගය මේ වනවිට ඉන්දියාවේදී ආරම්භ වී තිබේ.

ඉන්දියාවේ තෙලගනා ප්‍රාන්තවේ හයිද්‍රාබාද් නුවර HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී එය පැවැත්වෙයි. 

ලොව පුරා රටවල් 108ක තරගකාරිණියන් සහභාගීත්වයෙන් පසුගියදා ආරම්භ වූ ලෝක රූ රැජිණ තරගාවලියේ විවිධ අංශ යටතේ තරග පසුගිය දිනවල පැවැත්විණි.

එම තරගයේදී අද අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූවන් නිවේදනය කර තිබුණි.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කළ අනුදි ගුණසේකරට අවසන් 40 දෙනා අතර පිවිසීමේ හැකියාව අහිමි විය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ලෝක රූ රැජින බලාපොරොත්තුව බිඳවැටුණි.

72වැනි ලෝක රූ රැජින තරගාවලියේදී පසුගිය දා පැවැති තරගවලින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට අනුදි ගුණසේකර සමත්වූ අතර හෙඩ් ටු හෙඩ් සහ මල්ටිමීඩියා අංශවල අවසන් වටයන් සඳහා සුදුසුකම් ලබාගැනීමට ඇය සමත් වුවාය.

ඒ මෙරට ඉතිහාසයේ පළමුවරට එම අංශවලින් අවසන් වටයන් සඳහා සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිනිය බවටද පත්වෙමිනි.

කෙසේ වුවද 72වැනි ලෝක රූ රැජින තරගාවලියේදී ලොව පුරා මහත් බලාපොරොත්තු තැබූ ඉන්දියාව නියෝජනය කරමින් තරග කළ නන්දිනි ගුප්තාට සිය කිරුළේ බලාපොරොත්තුව අහිමිවිය.

adaderana.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments