වප් පුර පසළොස්‌වක පොහොය දිනය අදයි

ශාස­නික වශ­යෙන් සමස්ත බෞද්ධ ජනතාවට සුවිශේෂිව වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්‌වක පොහොය දිනය අද ට යෙදී තිබේ .

වප් මාසය බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙස හැඳින්වේ .එමෙන්ම වස් කාලය ගතකිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර මහා පෙළහර පාමින් වැඩ සිටියේ වප් පොහෝ දිනකය.
සැරියුත් හිමියන් ප්‍රඥාලාභී භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම, කල්ප ලක්‍ෂයකින් මතුයෙහි බුදුවීමට සිටින මෛත්‍රී බෝසතාණන් ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි වීම, අනුලා දේවිය ඇතුළු කුල කතුන් සසුන්ගත කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්‍ෂුණී සංඝයාත්, ජය ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවත් ලක්දිවට වැඩමවා ගැනීමට අනුබුදු මිහිඳු හිමියන්ගේ නියමයෙන් දෙවනපෑතිස් රජුගේ සංදේශයත් තුටු පඬුරුත් රැ‍ගෙන අරිට්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිස දඹදිව සැලලුප් නුවර ධර්මාශෝක චක්‍රවර්තීන් හමුවීමට පිටත්කොට යවන ලද්දේ ද වප් පෝදායි.පෙර­වස් සමා­දන් වූ භික්ෂූන් වහ­න්සේලා මහා පවා­ර­ණ­යෙන් වස් පවා­ර­ණය කිරීම හා චීවර මාසයේ ආර­ම්භය මේ වප් පුර­ප­ස­ළො­ස්වක පොහෝ දිනයේ සිදු වූ වැද­ගත් සිදු­වීම් අතර ප්‍රමුඛ වේ.

බුදු­ර­ජා­ණන් වහන්සේ සත් වැනි වස් කාලය තව්තිසා දෙව්ලොව පාණ්ඩු­ක­ම්බල සෛලා­ස­න­යෙහි වස් සමා­දන්ව මාතෘ දිව්‍ය­රා­ජයා ඇතුළු දෙව් පිරි­සට අභි­ධ­ර්මය දේශනා කර මාතෘ දිව්‍ය­රා­ජයා ඇතුළු අසූ­කෝ­ටි­යක් මාර්ග ඵල­ව­ලට පත්කර අන­තු­රුව වප් පොහෝ දින වස් පවා­ර­ණය කර තව්තිසා දෙව් ලොවින් ශක්‍ර බ්‍රහ්මාදී දෙවි­ව­රුන්ගේ ගරු බුහු­මන් මධ්‍යයේ රන් ඉණි­ම­ඟින් දඹ­දිව සංකස්ස නගර ද්වාර­යට වැඩම කළේත් අද­ වන් උතුම් වප් පොහෝ දින­ක­දීය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments