වැව් රක්ෂිත ලකුණු කරන්න උත්සවයක්…

අලින්ට පෝෂණ කලාප සැකසීමේ ව්‍යාපෘතිය හා තෝරාගත් ප්‍රධාන වැව්වල සීමාවන් සලකුණු කිරීමේ සමාරම්භක උත්සවය කරුවලගස්සවැව තබ්බෝව ජලාශය ආශ්‍රිතව ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා, පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතා, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා,පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි. අයි. එම්. සිල්වා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී විය.

අද සිට දින තුනක් පුරා මෙම වැඩසටහන පරිසරවේදීන්, ස්වේච්ඡා සංවිධාන, ගොවි සංවිධාන, පරිසර හිතැති සැමගේ සහයෝගය සහිතව ත්‍රිවිධ හමුදාවේ හා සිවිල් ආරක්ෂක අංශයේ දායකත්වයෙන් ක්‍රියාත්මක වේ.

අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමේ ජාතික වැඩසටහන පළමු පියවර අනුරාධපුර, පුත්තලම හා කුරුණෑගල යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාවට නංවමින් තිබේ.

පුත්තලම දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments