විට කෑමට එරෙහි ඇමතුම් 7049ක්

සිය ඥාතින්, මිතුරන් හා පවුලේ සාමාජිකයන්ගේ දුම්කොළ, මධ්‍යසාර සහ බුලත්විට භාවිතය නතර කර දෙන ලෙස ඉල්ලා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට දුරකථන ඇමතුම් හත්දහස් හතළිස් නවයක් (7049) ලැබී තිබේ. ඒ 2023 වසරේ අප්‍රේල් මාසයේ සිට 2025 මැයි මාසය දක්වා කාලයේදීය. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සඳහන් කළේ එම අධිකාරයේ කෙටි දුරකථන අංකය වන 1948 දුරකථන අංකයට දෛනිකව ඇමතුම් පනහක් පමණ මෙවැනි ඇබ්බැහිවීම් වළක්වා දෙන ලෙස ඉල්ලමින් ලැබෙන බවයි.

ඔවුන් මෙම අංකයට ඇමතුම් ලබා දී වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ දුම්කොළ හා මධ්‍යසාර මෙන්ම බුලත්විට කෑමට ද ඇබ්බැහි වී ඇති පිරිස් ඉන් වළක්වා දෙන ලෙස බවත්ය.

ඒ අනුව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ මනෝ උපදේශකවරුන් විසින් උපදේශනලාභින් 1,404 දෙනකුට මේ වනවිට උපදේශනය ලබා දී ඇත.

මෙම උපදේශනයන්ට අනුව මධ්‍යසාර, දුම්කොළ හා බුලත්විට කෑම පුද්ගලයන් 69 දෙනකු විසින් සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බවත් අනෙක් පිරිස එය නැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් එම අධිකාරිය සඳහන් කරයි.

යම් අයකුට මෙම තත්ත්වයන්ගෙන් මිදීමට අවශ්‍ය නම් කඩිනමින් 1948 දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙසද එම අධිකාරිය වැඩිදුරටත් ඉල්ලීමක් කරයි.

වරුණි පෙරමුණ -aruna

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments