විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඔන්ලයින් පාස්පෝට්

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල මඟින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා වන ව්‍යාපෘතිය මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලාංකිකයින් විසින් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල හරහා සිදුකරනු ලබන විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ක්‍රමවේදය කඩිනම් කිරීම පිණිස එය මාර්ගගතව සිදුකිරීම සඳහා සහාය ලබා ගැනීමට අදාළව යෝජනාවක් සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) වෙත ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, දූත මණ්ඩල කාර්යාල 20ක් ආවරණය වන පරිදි ජෛවමිතික ග්‍රහණ මධ්‍යස්ථාන සහ ඒ ආශ්‍රිත උපකරණ සැපයීම, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ මාර්ගගත සම්බන්ධතාව පහසු කිරීම සහ ඒකාබද්ධ වීමට අදාළ පද්ධති/මෘදුකාංග සංවර්ධනය හා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය විසින් අවශ්‍ය අරමුදල් සපයා දීමට එකඟතාව පළ කර තිබේ.

එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් විදේශගත ශ්‍රී ලාංකිකයින් සඳහා විදේශ ගමන් බලපත්‍ර, ඩිජිටල් තාක්ෂණය භාවිත කර කඩිනමින් හා පහසුවෙන් ලබා ගැනීමට පහසුකම් සැලසීම අරමුණු කර ඇත. 

ඒ අනුව, හඳුනාගනු ගනු ලබන විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල/කාර්යාල 20ක් මඟින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා වන ව්‍යාපෘතිය මෙම වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments