විමල්ට තංගල්ල පොලිසියෙන් කැඳවීමක්

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට හෙට(6) තංගල්ල මූලස්ථානයේ පෙනී සිටින්නැයි දැනුම් දී ඇත.

බෙලිඅත්තේ සනා නමැත්තා සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඔහු මෙසේ කැඳවා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

වීරවංශ මහතා හෙට පෙරවරු 10.00 ට තංගල්ල පොලිසියේ පෙනී සිටීමට නියමිතය.

තංගල්ල සීනි මෝදර දී මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාත්‍රාව සමඟ අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නැමැත්තා පොලිසිය විසින් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරගෙන යනු ලැබේ.

(සුජිත් හේවාජුලිගේ)

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments