විමල් මහින්ද බලන්න යයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බැහැ දැකීමට තංගල්ල කාල්ටන් නිවසට ඊයේ(16) ගියේය.

මහින්ද රාජපක්ෂ මහතා හමුවීමෙන් අනතුරුව විමල් වීරවංශ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙසේ පවසයි.

 “දශක ගණනාවක් පුරා පෝෂණය වූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කිරීමේදී ඒ වෙනුවෙන් දේශපාලන නායකත්වය ලබාදුන් 5 වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, එතුමාට ඇති ජීවිත තර්ජනයන්ද නොතකා වත්මන් පාලකයින්ගේ තීරණය අනුව කොළඹ නිල නිවස නැවත බාරදී තංගල්ල කාල්ටන් නිවසට පසුගිය දිනක ගිය පුවත ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරා වැඩි අවධානයක් දිනාගත් පුවතක් විය.

දේශපාලනමය වශයෙන් කොතෙක් විසම්මුතින් තිබුණ ද ත්‍රස්තවාදය පරාජය කිරීමට එතුමා ලබා දුන් දේශපාලන නායකත්වයට කෘතගුණ සැලකීමක් ලෙස මමත්, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයිනුත් ඊයේ (16) තංගල්ල කාල්ටන් නිවසේදී එතුමා හමුවී එතුමාගේ සුවදුක් විමසා අපහට දැක්විය හැකි කෘතගුණය දක්වනු ලැබුවෙමු”

(අංජුල මහික වීරරත්න)

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments