ශ්‍රී ලංකාව පරදා ඇෆ්ගනිස්තානයට තියුණු ජයක්

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ ‘ආසියානු කුසලාන නැගී එන තරු’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) පැවති තරගයකින් ඇෆ්ගනිස්තානය හමුවේ කඩුලු 3ක තියුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. 

කටාර් රාජ්‍යයේ දෝහා හිදී මෙම තරගාවලිය පැවැත්වේ.

මෙහි ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 170ක් රැස් කිරීමට සමත් විය.

ඒ අනුව ලකුණු 171ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 7ක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments