ශ්‍රී ලංකා ජනරජ දිනය අදයි

ශ්‍රී ලංකා ජනරජ දිනය අදට (22) යෙදී තිබේ.

1815 දී උඩරට ගිවිසුම හරහා ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් කර ගැණුනු අතර, එතැන් පටන් මෙරට පරමාධිකාරී බලය බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වෙත පැවරිණි.

එතැන් සිට රට පාලනය කෙරුණේ, බ්‍රිතාන්‍යයේ සිහසුන දරන තැනැත්තා හෝ තැනැත්තිය විසින් පත්කර එවනු ලැබූ ආණ්ඩුකාරවරයෙකු මඟිනි. 

1948 පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාවට බ්‍රිතානයෙන් නිදහස ලැබුණු ද එය ඩොමිනියන් තත්ත්වයේ නිදහස් විය.

කෙසේවෙතත් බ්‍රිතාන්‍ය විසින් හඳුන්වාදුන් සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට 1972 මැයි මස 22 දින ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

ඒ අනුව බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලැබූ දිනය ජනරජ දිනය හැඳින්වෙන අතර මෙරට ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානයක් එය සැලකෙයි.

සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ප්‍රමුඛ රජය මඟින් සම්මත කරගත් ජනරජ ව්‍යවස්ථාව මඟින් ශ්‍රී ලංකාව ජනරජයක් බවට ප්‍රකාශයට පත්කර වසර 53ක් සැපිරෙයි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments