සංචාරක ක්ෂේත්‍රයේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප වර්ධනයට පියවර

සංචාරක ක්ෂේත්‍රයේ නිරත ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප හා ආචාර ධර්ම වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.

එහි මුලික සාකච්ඡාවක් ඊයේ (18) ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ දී පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව මෙම වර්ෂයේ දී දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි කුලී රථ රියදුරන් දස දහසක් පුහුණු කිරීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා රුපියල් මිලියන 25ක මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර, එක් පළාතක් තුළ වැඩසටහන් 10 බැගින් පැවැත්වීමට අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙහිදි ත්‍රිරෝද රථ රියදුරන් සඳහා මාර්ග නීති සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබාදීම, රියදුරන් තුළ වගකීම් සහගත බව ඇති කිරීම, ප්‍රවාහන සේවා සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම, සංචාරකයාගේ අභිමතාර්ථ ඉටුවන පරිදි සේවා සැපයීම යන කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නියමිතය.

සංචාරක කර්මාන්තය ආශ්‍රිත සේවාවල ගුණාත්මක බව වැඩිදියුණු කිරීමේ අරමුණින් සංචාරක ත්‍රිරෝද රථ රියදුරන් සඳහා මෘදුකාංග යෙදවුමක් හඳුන්වාදීමට ද සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.  

මීට අමතරව මිත්‍රශීලීව හා ගුණාත්මක ලෙස පාරිභෝගික සේවා පවත්වාගෙන යාම සඳහා ත්‍රීරෝද රථ රියදුරන් තුළ යහපත් ආකල්ප ප්‍රවර්ධනය, පුද්ගලික සනීපාරක්ෂාව සහ වෘත්තීමයභාවය වැඩිදියුණු කිරීම, තමන් ආවරණය කරන ප්‍රදේශ හා ස්ථාන පිළිබඳ දැනුම වර්ධනය කිරීම ද මෙම වැඩසටහන මගින් සැලසුම් කර තිබේ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments