සජබ අපේක්ෂකයෙකුට වෙඩි ප්‍රහාරයක්

කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට ඊයේ(04) රාත්‍රි වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.

කළුතර නාගොඩ ගම් සභා නිවාස පාරේ ඒ මහතා මීට පෙර පදිංචිව සිටී නිවස ඉදිරිපිටදී වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය කියයි.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය කීය.

යතුරු පැදිකරුවන් දෙදෙනා වෙඩිතැබීම සිදුකර කළුතර – බෝම්ඹුවල මාර්ගය දෙසට පලාගොස් ඇති බව මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව තිබේ.

තුවාල ලැබූ අපේක්ෂකයා ත්‍රීරොද රථයකින් කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත් ඔහුගේ උරහිස් ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් කීය.

විශේෂ කර්ය බලකාය සහ යුධ හමුදාව ද ස්ථානයට කැදවා තිබුණි.

කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන්, අපරාධ අංශ ස්ථානාධිපති ගයාන් ක්‍රිෂාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වති.

පානදුර සුමිත් පොතුපිටිය

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments