සුරතලුන්ගේ දත්තත් රටට කියලා දැන් පනත් ගේනවා

ඡන්ද වේදිකාවේ දේශපාලකයන්ගේ සුරතලුන්ගේ දත්ත පවා හෙළිදරව් කළ ආණ්ඩුවේ උදවියට දත්ත ආරක්‍ෂාව ගැන කතා කරන්නට සදාචාරාත්මක අයිතියක් තිබේදැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

දත්ත ආරක්‍ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

“දත්ත ආරක්ෂණ පනතට සංශෝධන ගෙන ඒම ඉතා හොඳ දෙයක්. මේක කරන්න තිබුණේ අවුරුදු කීපයකට පෙර. අවාසනාවකට එය සිදුවුණේ නැහැ.මේ ක්ෂේත්‍රය සඳහා කාර්ය මණ්ඩල බඳවා ගැනීම අවශ්‍ය බව ජනාධිපතිවරයාත් කියනවා.ඒ සඳහා රජය විසින් ගත යුතු ක්‍රියාමාර්ග පරක්කු වන නිසා ඩිජිටල් යාන්ත්‍රණය පරක්කු කිරීම සාධාරණ නැහැ.ඊට අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගන්නවත් ආණ්ඩුව කටයුතු කර නැහැ.මේ පනත ගැන ජවිපෙ ආණ්ඩුවකින් කතා කිරීම සතුටුයි.අප මේ පනත මුලින් පාර්ලිමේන්තුවට ගේන කොට ඔබලා විවේචනාත්මකව කතා කළා.

ජනතාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න ඔබට සදාචාරාත්මක අයිතියක් තිබේද? යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments