සෝමවංශ අමරසිංහ 09 වැනි ගුණ සැමරුම

ජනතා විමුක්ති පෙරමුණ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ප්‍රතික්ෂේප කළ පිරිස් සමඟ එම පක්ෂයේ වර්තමාන නායකයින් එකතුවී සිටින බව ජනතා සේවක පක්ෂය පවසයි.

එහි නායක ජයන්ත විජේසිංහ මහතා මේ අදහස් පළකළේ, අභාවප්‍රාප්ත සෝමවංශ අමරසිංහ මහතාගේ 09 වැනි ගුණසැමරුමට අද පස්වරුවේ එක්වෙමිනි. 

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක අභාවප්‍රාප්ත සෝමවංශ අමරසිංහ මහතාගේ 09 වැනි ගුණසැමරුම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගරයේදී අද පස්වරුවේ පැවැත්වුණු අතර එය සංවිධානය කරනු ලැබුවේ ඔහු අවසන් වරට නායකත්වය දැරූ ජනතා සේවක පක්ෂය විසිනි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments