හන්තානේ රජයේ ඉඩම් කුණු කොල්ලෙට ලියාගෙන.. රටම දන්න මාධ්‍යවේදීන් පිරිසකට පරීක්‍ෂණ..

හන්තාන ප්‍රදේශයේ පිහිටි රජය සතුව තිබූ වටිනා ඉඩමක් මාධ්‍යවේදීන් හා අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් අතර බෙදා දීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවීම් පවතින බව වාර්තා වෙයි.

2015දී පිහිටවුනු යහපාලන රජය සමයේ වූ සිදුව ඇති කටයුත්තේදී එවක රජය ගෙන ඒමට සහය දුන් ප්‍රධාන පෙළේ විද්‍යුත් හා මුද‍්‍රිත මාධ්‍ය ආයතනයක ඉහළ මාධ්‍යවේදීන් පිරිසකට මෙහි ඉඩම් ලබා දී ඇති බවද පැවසේ.

ඒ සමගම එකල අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් පිරිස පිරිසකටද මෙම ඉඩම් ලබා දී ඇති බවද සඳහන් වෙයි.

ඉතා ඉහල වටිනාකමකින් යුතු මෙම ඉඩම් බෙදා දී ඇත්තේ වෙලදපලේ මිලට වඩා ඉතා අඩු මුදලකට යයි පැමිණිලිකරුවන් කියා ඇත.

ඒ අනුව මේ පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් ඇති අතර නුදුරු දිනයේදී අදාළ තැවැත්තන් වෙතින් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත අය අතර රටම දන්නා මාධ්‍යවේදීන්ද සිටිනු ඇතැයිද වාර්තා වෙයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් එවකට හිටපු ජනාධිපතිවරයාටද චෝදනා එල්ල වී ඇතැයිද දැනගන්නට ඇත.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments