හේෂා විතානගේට මැතිසබයෙන් නව තනතුරක්

අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අංකුඹුර ආරච්චි පත්ව තිබේ.

එම කාරක සභාවේ මංගල රැස්වීම ඊයේ (06) පාර්ලිමේන්තුවේදී රැස් විය.

එම අවස්ථාවේ දී කාරක සභාවේ සභාපතිවරයා ලෙස හේෂා විතානගේ මන්ත්‍රීවරයාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී වී.එස්. රාධක්‍රිෂ්ණන් විසින් යොජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ විසින් එම යෝජනාව ස්ථිර කරනු ලැබීය.

මෙම රැස්වීම සඳහා කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු සහ පාර්ලිමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments