10 සහ 11 ශ්‍රේණිවලදී අනිවාර්යය විෂයන් මෙන්න

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් විෂයමාලාවෙන් ඉවත්කර ඇති බවට ගුරු විදුහල්පති ඇතුළු පාර්ශ්ව රැසකින් දැඩි චෝදනාවක් එල්ල වී තිබේ.

එවන් පසුබිමක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඊයේ (17) පැවති වැඩසටහනකදී අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නව විෂයමාලා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇත.

එම පැහැදිලි කිරීමට අනුව 10 සහ 11 ශ්‍රේණිවලදී මව් භාෂාව, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ ආගම යන විෂයන් අනිවාර්යය විෂයන් ලෙස දක්වා ඇති අතර ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් පත්කර ඇත්තේ තෝරාගන්නා විෂයන් අතරටය.

මෙවන් පසුබිමක ගුරු විදුහල්පති සංගම් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදත් සිය විරෝධය පළ කළහ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments