14 හැවැරිදි සූර්යවංශි අයි.පි.එල්. පිටිය කනපිට ‍පෙරළයි

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන 14 හැවැරිදි විභාවි සූර්යවංශි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ රාත්‍රී පැවැති තරගයේදී වේගවත් ශතකයක් රැස් කරමින් අයි.පී.එල්. පිටියේදී වාර්තා රාශියක් පිහිටුවීමට සමත්විය.

මෙම තරගයේදී සූර්යවංශි පන්දු 35කදී ශතකයක් රැස් කිරීමට සමත්වූ අතර එයි විස්සයි20 පිටියේදී මෙන්ම අයි.පී.එල්. තරග ඉතිහාසයේ ශතකයක් රැස් කළ ලාබාළම ක්‍රීඩකයා ලෙස ඉතිහාස ගත වූ ඉනිමක් විය.

එසේම මෙම අයි.පි.එල් පිටියේ දෙවැනි වේගවත්ම ශතකය වූ අතර ක්‍රිස් ගේල් පන්දු 33කදි රැස් කළ ශතකය තවමත් අයි.පී.එල්. පිටියේ වේගවත්ම ශතකය වෙයි.

සූර්යවංශි දැවී යන විට පන්දු 38කදී ලකුණු 101ක් රැස් කර තිබුණ අතර එයින් ලකුණු 94ක්ම රැස් කර තිබුණේ හයේ හා හතරේ පහර වලිනි. ඔහු‍ගේ ඉනිමට හයේ පහර 11ක් වාර්තා වූ අතර එය අයි.පි.එල්. පිටි‍යේ එක් තරගයකදී ක්‍රීඩකයෙක් එල්ල කළ වැඩිම හයේ පහරට හිමි වාර්තාවද සම කිරීමක් විය.

මෙම තරගයේදි මුලින්ම පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම ලකුණු 209ක් රැස් කළ අතර එම ඉලක්කය පන්දුවාර 15.5කදි කඩුලු ‍දෙකක් පමණක් දැවී ලකුණු 212ක් රැස් කරමින් පසුකර යාමට රාජස්ථාන් කණ්ඩායම සමත්වූයේ සූර්යවංශයේ ප්‍ර වේගකාරි ඉනිම ‍හේතුවෙනි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments