2023 වසරේ ඇති වූ ආර්ථික අර්බුදය ජනතාවට බලපෑ අයුරු

2023 වර්ෂයේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා නියුක්තිකයන්ගෙන් 15.1% ක පිරිසකට රැකියා අහිමි වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ අදාළ කාලසීමාව තුළ මෙරට පවුල්වලින් 60.5 %ය ගේ මාසික ආදායම අඩු වී ඇති බවය.

2023 වර්ෂයේ ඇති වූ ආර්ථික අර්බුදයේ බලපෑම සම්බන්ධයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත්කළ ගෘහස්ථ සමීක්ෂණයේ අවසන් වාර්තාවෙන් මේ බව අනාවරණය වී තිබේ.

එම වාර්තාවට අනුව පවුල් ඒකක 91.1% ක සාමාන්‍ය මාසික වියදම වැඩි වී ඇති අතර සියයට 5.3% ක මාසික වියදම නොවෙනස්ව පවත්වාගෙන ගොස් ඇති බව සඳහන් වේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් 22%ක් ණය අර්බුදයට ලක්ව ඇති අතර මෙරට ජනගහනයෙන්  7%ක් නිසි සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා යොමු වී නොමැති බව ද අදාළ වාර්තාවෙන් අනාවරණය වී ඇත.


 

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments