2028 ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග දකුණු කැලිෆෝර්නියාවේදී පැවැත්වීමට තීරණය කරයි

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග දකුණු කැලිෆෝර්නියාවේ පමෝනාහිදී පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

පන්දුවාර 20 තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙහි කණ්ඩායම් හයක් තරග කිරීමට නියමිත ය.

ස්ත්‍රී පුරුෂභාවය අනුව කාණ්ඩ දෙකක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 90 දෙනෙකු සඳහා කෝටා වෙන් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව, සෑම කණ්ඩායමකට ම සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කිරීමට හැකි වනු ඇත.

මෙම ඔලිම්පික් උළෙල 2028 වසරේ ජූලි 14 වන දා සිට ජූලි 30 වන දා දක්වා පැවැත්වීමට නියමිත ය.

මීට පෙර ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී ක්‍රිකට් ක්‍රීඩා කර තිබුණේ එක් වරක් පමණි. ඒ, 1900 වසරේ පැරීසියේදී පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ය. එහි අවසන් තරගයේදී ප්‍රංශය පරදා මහා බ්‍රිතාන්‍යය ලකුණු 158ක ජයක් ලැබීමට සමත් විය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments